ආනන්ද රාජකරුණා
ආනන්ද රාජකරුණා මහතා වයස 16 අවදියේ දී ම කාව්‍යකරණයට පිවිසි ජනප්‍රිය හිටිවන
කවියෙක් විය. කෝට්ටේ යුගයේ දී අතිශය ජනප්‍රියත්ව ලද සම්භාව්‍ය එළිසම සිවුපද සාහිත්‍යයේ
නොමඳ ආභාසයත් මාතර යුගයේ ජනප්‍රිය කවියෙකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේ 'සිලෝ' කාව්‍යයේ ආභාසයත් ලබා කාව්‍යකරණයෙහි
යෙදුණි.
මහනුවර හා මාතර කවීන් අතින් සරලත්වයටත් කටබසට නොහොත් ජනකවි බසටත් ආසන්න වූ බසින්
පොදු මිනිසාට කවි කරන්නට ද රාජකරුණා උනන්දුවක් දැක්වීය. මේ දක්වා ම සිංහල ජන සාහිත්‍යයේ
දී මිස ලේඛනගත කාව්‍යයේ හමු නොවූ 'ළමා කවි
හා ළමා ගී' රචනයට ද පිවිසි රාජකරුණා එහි දී වඩාත් විශිෂ්ටත්වයක්
පෙන්වා සිටී, 'රෝස මලේ නටුවෙ කටු, ගීතිකාවෝ රස යි, රන් පිඟාන ලෙස වටකුරු,
දිලිහි දිලිහි ආකාසේ' වැනි රචනාවෝ නිදසුන්
වෙති.
ජාතිභිමානය, පාරම්පරික සාරධර්ම, අතීත ශ්‍රී විභූතිය, රට ජාතිය හා ආගම වෙනුවෙන්
කැපවීම, අධිරාජ්‍ය විරෝධී ආකල්පයෙන් යුතුව සිංහලයාගේ ඉංග්‍රීසි
අනුකරණයට දැඩි සේ එරෙහිකම් පෑම අතින් ජී.එච්.පෙරේරා හා එස්.මහින්ද හිමිගේ මඟ ම ගියේ
ය. ඔහු එමඟ යමින් ගද්‍යයෙන් හා පද්‍යයෙන් මහ සේවයක් සලසා ඇත.
ආනන්ද රාජකරුණාගේ කාව්‍ය රචනා රාශියකි. 'ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල, ළදරු කව් මී, රුක්මාවතී කතාව, ආනන්ද ගී, ආනන්ද චම්පු, නමෝ තේ මාතා, කැලණි නෙත, ලංකාඩම්බරය, රජසිරිත් මාලය, උද්‍යානය, සිංහල කොඩිය, කව්රස බඳුන, ළදරු කව් මග, ජාතික මඟුල් පඬුර, ජාතික බයිලා සිංදු, සම්බුද්ධායනය, ළදරු ගී පොත් 7ක්, ළමා කවි පොත් 7ක්, ළදරු කවි මග පොත් 7ක්' වැනි කාව්‍ය ග්‍රන්ථ සමුච්චයක්
ඒ අතර වෙයි.
'ආනන්ද චම්පු' චම්පු කාව්‍යයෙකි. 'නන්දාවතී හෙවත් රහස් අනුශාසකයා, වාසනාවන්ත ගෙදර
හෙවත් වසන්තාගේ ප්‍රථම ජයග්‍රහණය' නම් වූ නවකතා ද්විත්වයක් ද ලියා ඇත්තේය. 'කුමරි බඹසර, දොන් කොස්මෝ චරිතය, හා උතුවන්කන්දේ සරදියෙල්' නමින් නාට්‍යන් ද ලියූ
රාජකරුණා, 'මහදම්පේ (මාදම්පාගම) කිවි, කවි රජ්ජුරුවෝ'' යන විරුඳ නාමයන්ගෙන් ද හැඳින්වීම්
හා බුහුමන් ලබා ඇත.
Comments
Post a Comment